Gossips

ට්‍රම්ප් – කිම් ජොං අන්, හමුවට යුරෝපයේ සාකච්ඡා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර පැවැත්වීමට යෝජිත සමුළුව සඳහා මං පෙත් සකස් කිරීමේ සාකච්ඡාවක් ස්වීඩනයේදී පැවැත්වුණා.
පසුගිය දින 3 මුළුල්ලේ පැවති එම සාකච්ඡා සඳහා උතුරු කොරියානු විදේශ අමාත්‍ය රී යොං හෝ සහ ස්වීඩන විදේශ අමාත්‍යවරිය වන මාර්ගට් වෝල්ස්ටෝම් ද එක්වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
උතුරු කොරියානු න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන් එරට නායක කිම් ජොං අන් සමඟ මුහුණට මුහුණලා සාකච්ඡා කිරීමට සුදානම් බව ජනපති ට්‍රම්ප් පසුගිය සිකුරාදා යළි තහවුරු කළා.
ස්වීඩනය එම සාකච්ඡාවල මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරනු ඇතැයි අපේක්ෂිතයි.
එමෙන්ම ට්‍රම්ප් – කිම් ජොං අන් සාකච්ඡා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැත්වීමට ද ඉඩ ඇති බව සඳහන්.