Gossips

ට්‍රම්ප් – කිම් ජොං අන් සමුළුව පිළිබඳ නව බලාපොරොත්තුවක්

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතර දේශසීමා නගරයේදී ඊයේ පැවති අනපේක්ෂිත සාකච්ඡාවෙන් පසු ට්‍රම්ප් – කිම් ජොං අන් හමුව පිළිබඳ නව බලාපොරොත්තුවක් ඇතිවී තිබෙනවා.
එම සමුළුව ලබන ජූනි 12 වනදා සිංගප්පූරුවේදී පැවැත්වීමටයි දෙපාර්ශවය එකඟවී තිබුණේ.
එහෙත් උතුරු කොරියාව එදිරිවාදිකම් ප්‍රදර්ශනය කරන බව පවසමින් සමුළුවෙන් ඉවත්වන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළා.
කෙසේ නමුත් සමුළුව පැවැත්වීමේ හැකියාවක් තවදුරටත් පවතින බවයි ඔහු පසුව සඳහන් කළේ.
ඉන් අනතුරුවයි උතුරු සහ දකුණු කොරියානු නායකයන් ඊයේ හමුවී ඇත්තේ.
කළින් සැළසුම් කළ පරිදි ඇමරිකානු නිරීක්ෂණ දුත කණ්ඩායමක් මෙම සති අන්තයේ සිංගප්පූරුව බලා නික්මුණු බව ධවල මන්දිරය සනාථ කර තිබෙනවා.