Gossips

ට්‍රම්ප් – කිම් ජොං අන් දෙවැනි සමුළුවට පෙරහුරු සාකච්ඡා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර, වියට්නාමයේ පැවැත්වෙන දෙවන සමුළුව පිළිබඳ ඉහළ පෙලේ සාකච්ඡාවකට සහභාගි වූ ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීවන් බීගන් දැන් වොෂින්ටනයට පැමිණ සිටිනවා.
උතුරු කොරියාවේ පියොංයැං අගනුවරදී ඔහු උතුරු කොරියානු විදේශ ඇමතිනි කෑන් කුවන් වා සමඟ අදහස් හුවමාරුවක නිරත වුණා.
තුන් දිනක් උතුරු කොරියාවේ ගත කළ ඇමරිකානු නියෝජිතයා කියා සිටියේ ට්‍රම්ප් – කිම් ජොං අන් පළමු සමුළුවේදී ඇති කර ගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා කළ බවයි.
නායකයන් දෙදෙනා අතර දෙවන සමුළුව පෙබරවාරි 27 වනදා සහ 28 වදා වියට්නාමයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.