Gossips

ට්‍රම්ප් – කිම් ජොං අන්, දෙවැනි සමුළුව ගැන සාකච්ඡා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර, දෙවැනි සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් පැවති බව දකුණු කොරියානු පුවත්පතක් අද අනාවරණ කළා.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සහ උතුරු කොරියානු නියෝජිතයන් අතර අදාළ සාකච්ඡා වියට්නාමයේ හැනෝයි නුවර දී පැවැත්වුණු බවයි එමගින් සඳහන් කර ඇත්තේ.
එය මෙවර සමුළුව වියට්නාමයේ පැවැත්වීම පිළිබඳ සලකුණක් විය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
වියට්නාමය, ඇමරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව යන රටවල් දෙක සමඟම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන අතර, උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලයක් වියට්නාමයේ පිහිටුවා තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළේ උතුරු කොරියානු නායකයා සමඟ දෙවැනි සමුළුව පවත්වන ස්ථානය සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බවයි.