වසා දමා තිබූ රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානයක් උතුරු කොරියාව ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය දා චන්ද්‍රිකා ඡායාරූප මගින් මෙම රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානය පිළිබදව තොරතුරු අනාවරණ වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අතර වියට්නාමයේ පැවති සාකච්ඡාවෙන් දින දෙකකට පසුවයි.
ඒ සම්බන්ධයෙන් ඇමරිකාව වැඩි අවදානයක් යොමු කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඉන් අනතුරුවයි ජනාධිපති ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇත්තේ.
දෙරට අතර වියට්නාමයේ පැවති දෙවන වටයේ සාකච්ඡා අවසන් වූයේ කිසිදු එකඟතාවකින් තොරවයි.