Gossips

ට්‍රම්ප් උතුරු කොරියාව සමඟ යලි සාකච්ජාවට ස්ථානයක් සොයයි

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කිරීමට ස්ථානයක් සොයන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
පසුගිය වසරේ ජූනි මාසයේදී උතුරු කොරියානු නායකයා සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතර පළමු වටයේ සාකච්ඡා පැවැත්වුණා.
විදේශ මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු නායකයා විසින් සාකච්ඡා සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමුකර ඇති බවයි.
කෙසේ වෙතත් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධකවල කිසිදු වෙනසක් සිදු නොකරන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.