Gossips

ට්‍රම්ප්, උතුරු කොරියාව වෙනුවෙන් හොඳම තැන සොයයි

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඇමරිකානු සහ උතුරු කොරියානු ජනාධිපතිවරුන්ගේ හමුව සිංගප්පූරුවේදී හෝ මොංගෝලියාවේදී පැවැත්වෙනු ඇති බව දකුණු කොරියානු මාධ්‍ය අද වාර්තා කළා.
ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේදී ප්‍රකාශ කළේ ලබන ජූනි මාසයේ හෝ ඊට පෙර පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ස්ථාන 5 ක් සළකා බලන බවයි.
ස්වීඩනය, ස්විට්සර්ලන්තය වැනි යුරෝපා රටවල් ඊට ඇතුළත්ව තිබුණද උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං අන් ගෙන්වා ගැනීමට පවතින අපහසුව සළකා සිංගප්පූරුවේ හෝ මොංගෝලියාවේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි දකුණු කොරියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.