Gossips

ට්‍රම්ප් උතුරු කොරියානු හමුවට යළි කැමැත්ත දෙයි

දින නියම කරගත් පරිදි ඇමරිකාව හා උතුරු කොරියාව අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා අදාළ දිනට පැවැත්වීමට හැකියාවක් ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඊයේ (24) ඇමරිකානු ජනපතිවරයා සාකච්ඡා සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කළ අතරල ඊට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව ප්‍රකාශ කළේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම මාධ්‍යයක් ඔස්සේ සාකච්ඡා කිරීමට සූදානම් බවයි.
මේ අතර න්‍යෂ්ටික අත්හදා බැලීම් අත්හැරීම පිළිබඳ තහවුරු කිරීම සඳහා උතුරු කොරියාව පන්ගී රී හි පිහිටි න්‍යෂ්ටික අත්හදා බැලීමේ මධ්‍යස්ථානය පුපුරුවා හරින බව දැක්වෙන වීඩියෝ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.