Gossips

ට්‍රම්ප් ඉරාන ජනපති හමුවීමට සැරසේ

කොන්දේසි විරහිතව ඉරාන ජනාධිපති හසන් රවුහානි හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින්.
ඉරානයට සම්බාධක පනවන බවට ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ දෙරටේ නායකයින් අතර මතභේදාත්මක තත්වයක් ඇති වුණා.
කෙසේ වෙතත්, ඉරානයට සම්බාධක පැනවීමේ ඇමරිකානු තීරණයට එංගලන්තය, ප්‍රංශය, රුසියාව, චීනය සහ ජර්මනිය විරෝධය පළ කරනවා.