Gossips

ට්‍රම්ප්ට වචන වරදී

2016 ජනාධිපතිවරණයට රුසියාවේ බලපෑමක් සිදුනොවූ බවට තමන් කළ ප්‍රකාශය වචන වැරදීමක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය සඳුදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසු තමන් සිදුකළ ප්‍රකාශය නිවැරදි කරමින්.
එම අවස්ථාවේ 2016 ජනාධිපතිවරණයට රුසියාවේ බලපෑමක් සිදුනොවුණු බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කළා.
එහෙත් ඔහු පවසන්නේ එම ප්‍රකාශයේදී තමන්ට වචන වැරදුණු බවත්, තමන් ඉදිරිපත් වූ ජනාධිපතිවරණයේදී රුසියාව පැහැදිලි ලෙසම බලපෑමක් සිදුකළ බවයි.