Gossips

ට්‍රම්ප්ට එරෙහි සටනේ කමලා පෙරමුණට

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව 2020 වසරේ ජනාධිපතිවරණයේ ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය බලාපොරොත්තු වන කමලා හැරිස් පෙරමුණට පැමිණ ඇති බව ඇමරිකානු වාර්තා සඳහන් කළා.
තමිල්නාඩුවේ දෙමළ ජාතික මවකට සහ ජැමෙයිකානු පියෙකුට දාව උපන් ඇමරිකානු නීතිපතිනියක සහ සෙනෙට් සභිකවරියක වූ කමලා හැරිස්ට කමලා යන නම යොදා ඇත්තේ ද සංස්කෘතික බසින් පද්මය යන අරුත් ඇතිවයි.
54 හැවිරිදි කමලා හැරිස් මෙලෙස ජනපති ට්‍රම්ප්ට එරෙහි ප්‍රධාන ප්‍රතිවාදිනිය ලෙස ඉදිරියට පැමිණ ඇත්තේ ප්‍රධාන පක්ෂ අපේක්ෂකයන් තෝරා ගැනීමේ ඡන්ද පැවැත්වීමට වසරක් පවතිද්දීයි.
ජයග්‍රහණය කළහොත් ඇය ඇමරිකාවේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය බවට පත් වනු ඇති.