Gossips

ට්‍රම්ප්ගේ දුරකථන සංවාදවලට රුසියාව සහ චීනය සවන් දුන් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුරකථන සංවාදවලට රුසියාව සහ චීනය සවන් දී ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් චීනය එම වාර්තා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් එය සමච්චලයට ලක් කරමින් සඳහන් කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයා මව්රටේ නිෂ්පාදිත ජංගම දුරකථනය වෙනුවට චීන ජංගම දුරකථනයක් භාවිතා කළ යුතු බවයි.
කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මෙම වාර්තා පිළිගෙන නොමැති බව වාර්තා වනවා.