Gossips

ට්‍රම්ප්ගේ තහනමකට අතුරු තහනමක්

ඇමරිකාවේ දකුණු දේශසීමා හරහා අනවසරයෙන් සරණාගතයින්ට ඇතුලූවීම වළක්වමින් එරට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිකුත් කළ තහනම වළක්වමින් එරට විනිසුරුවරයෙකු අතුරු තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා.
සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර දිසා විනිසුරුවරයෙකු වන ජෝන් ටිගා මෙම නියෝගය ලබාදී ඇත්තේ මානව හිමිකම් සංවිධානයක් ගොනුකළ පෙත්සමක් සළකා බලමින්.
ඇමරිකාවට පැමිණෙමින් සිටි දහස් ගණනක් වූ සරණාගතයින් එරටට ඇතුලූවීම වැළැක්වීම සඳහායි ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගියදා මෙම තහනම පනවනු ලැබුවේ.