Gossips

ට්‍රම්ප්ගේ කඳවුර ගැන මුලර්ගේ වාර්තාව නිකුත් වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2016 මැතිවරණ කණ්ඩායම රුසියාව සමඟ එක්ව කටයුතු කළ බවට එල්ල වන චෝදනා පිළිබදව විශේෂ පරීක්ෂක රොබට් මුලර්ගේ වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඇමරිකානු නීතිපති විලියම් බාර් එහි සංක්ෂිප්ත වාර්තාවක් කොංග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මාස 22ක් තිස්සේ සිදුකළ පරීක්ෂණවලින් මුලර් සිය වාර්තාව සැකසූ අතර එම කාලය තුළ ට්‍රම්ප් කඳවුරේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ද පියවර ගත්තා.
කෙසේ නමුත්, නව වාර්තාව මගින් ජනාධිපතිවරයා දෝෂාභියෝගයකට ලක් කළ හැකි කරුණු පවතින්නේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
ජනපති ට්‍රම්ප්ගේ පාර්ශවය පවසන්නේ පරාජිත ඩිමොක්‍රටික්වරුන් ඔහුගෙන් පළි ගැනීම සඳහා මෙම පරීක්ෂණය දියත් කළ බවයි.