Gossips

ට්‍රම්ප්ගේ අයවැයෙන් දුප්පතුන්ට පහරක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අයවැය යෝජනා එරට මහජන කොංග්‍රසය හමුවට ඉදිරිපත් කළ අතර, එමගින් එරට දුප්පතුන්ට ලබාදී තිබූ සහන රැසක් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව දුප්පත් ඇමරිකානුවන්ට ලබාදී තිබූ ආහාර මුද්දර, සෞඛ්‍ය රක්ෂණය මෙන්ම නිවාස සහනාධාර ද කප්පාදු කර ඇති බව සඳහන්.
විද්‍යාත්මක පර්යේෂණ ආදීය සඳහා වන වියදම් ද කපා හැර ඇති අතර අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය සඳහා ඇමරිකානු දායකත්වය අවම කිරීමටයි ජනාධිපති ට්‍රම්ප් යෝජනා කර ඇත්තේ. ඒ වෙනුවට එය පෞද්ගලීකරණය කළ යුතු බව ඔහුගේ අදහසයි.