Gossips

ට්‍රම්ප්ගෙන් ලෝක වෙළඳ සංවිධානයට තර්ජන

ජාත්‍යන්තර වෙළඳාම නියාමනය සහ රටවල් අතර වෙළඳ ආරවුල් විසඳීම සඳහා ජගත් සංවිධානය යටතේ පිහිටුවා ගනු ලැබූ ඩබ්ලිව්.ටී. ඕ හෙවත් ලෝක වෙළඳ සංවිධානයෙන් ඉවත් වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ ලෝක වෙළඳ සංවිධානය ඇමරිකාවට අහිතකර ලෙස කටයුතු කරන බවයි.
එම තත්ත්වය වෙනස් කිරීමට අපොහොසත් වුවහොත් ඇමරිකාව ඉන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවයි ජනපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ.
ට්‍රම්ප් පරිපාලනය විසින් පසුගිය කාලය තුළ චීනය ඇතුලු රටවලට පැනවූ අධික ඒකපාර්ශවික බදු ලෝක වෙළඳ සංවිධානයේ විවේචනයට ලක්ව තිබෙනවා.
ඇතැම් රටවල් ඒ සඳහා ලෝක වෙළඳ සංවිධානයේ මැදිහත්වීමක් ද අපේක්ෂා කරන බව සඳහන්.