Gossips

ට්‍රම්ප්ගෙන් රුසියාවට ට්විටර් පණිවුඩයක්

ඉදිරියේදි සිරියාවට දරුණු මිසයිල ප්‍රහාරවලට මුහුණදීමට සිදුවන බැවින් ඊට සුදානම් වන ලෙස රුසියාවට ඇමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අනතුරු අඟවා තිබෙනවා.
සිරියාවේ ඩූමා නගරයට එල්ලවූ රසායනික අවි ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව ඊයේ (11) කියා සිටියේ ඇමරිකාව එල්ල කරන මිසයිල බිම දැමීමට තම රට සූදානම් බවයි.
කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා අලුත් සහ නවතාවයෙන් යුත් මිසයිල සිරියාවට එල්ල කරන බවට ප්‍රකාශ කර තිබෙනවා.