Gossips

ට්‍රම්ප්ගෙන් කශෝගි ගැන ප්‍රකාශයක්

අතුරුදන්ව සිටින වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කශෝගි මිය ගොස් ඇති බවට තමා විශ්වාස කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
එය ඝාතනයක් බවට තහවුරු වුවහොත් සෞදි අරාබියට දැඩි ප්‍රති විපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
සෞදියේ සහ තුර්කියේ සංචාරය නිම කරමින් සිය රට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හමුවීමෙන් පසුව ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.