ඇමරිකානු ආරක්ෂක හමුදාවේ 06 වන බල ඇණිය අභ්‍යාවකාශ බලකායක් ලෙස ස්ථාපිත කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.
එමගින් ජාතික ආරක්ෂාව තහවුරු වන අතරම, රැකියා ජනනය කරමින් ඇමරිකානු ආර්ථිකය ද ශක්තිමත් කරනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
ඇමරිකාව අභ්‍යාවකාශයට පිවිසීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, එහි ආධිපත්‍යය පැතිර වීමට ද කටයුතු කළ යුතු බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ඇමරිකානුවන් නැවත සඳ වෙත යැවීමට සහ අඟහරු වෙත මිනිසුන් යැවීමට පියවර ගන්නා බවට ද ඔහු ප්‍රතිඥාවක් ලබාදුන්නා.