Gossips

ට්විටර් සමාජ මාධ්‍යයත් දත්ත විකුණූ බව හෙළිවේ

ට්විටර් සමාජ මාධ්‍යය විසින් ද සිය ග්‍රාහකයන්ගේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ අවසරයකින් තොරව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වෙත විකුණා ඇති බව අනාවරණ වී තිබෙනවා.
ඇමරිකානු ජනාධිපතිවරණය ඇතුළු දේශපාලන සමීක්ෂණ සඳහා අදාළ තොරතුරු යොදා ගන්නා ඇති බවයි සැලකෙන්නේ.
ෆේස්බුක් සමාජ මාධ්‍ය මගින් ද මෙලෙස ග්‍රාහකයන්ගේ දත්ත අනවසරයෙන් යොදා ගැනීම නිසා මතභේදකාරී තත්ත්වයක් ඇති වුණා.
එය ෆේස්බුක් සමාගමේ අගය පහත වැටීමට ද හේතු වී තිබෙනවා.