Gossips

ඥානසාර හිමියන් වෙනුවෙන් සිංහල රාවය හදිසියේ තීරණයක් ගනී

ඥානසාර හිමියන් වෙනුවෙන් සිංහල රාවය හදිසියේ තීරණයක් ගනී"
සිංහල රාවය මහනාහිමිවරුන් හමුවීමට සැරසේ
මාස 6ක කාලයකට සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කිරීම සඳහා හෙට දිනයේදී අස්ගිරි, මල්වතු සහ රාමඤ්ඤ මහනාහිමිවරුන් හමුවන බව සිංහල රාවය සංවිධානය පවසනවා.
මේ අතර, තමන්ට නියම කළ බරපතල වැඩ සහිත සිරදඬුවම ඇතුළු දඬුවම් අහෝසි කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයක් ගොනුකර තිබුණා.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 06කින් ගෙවීයන පරිදි වසරක බරපතල වැඩ සහිත දඬුවම් පෙරේදා නියම කෙරුණා.
ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන්.
සිරගත කළ ඥානසාර හිමියන් මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිනවා.