Gossips

ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව හිමි නොවීම පිළිබදව කණගාටුව – විතාරන්දෙනියේ නන්ද හිමි

සිරදඩුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද දින ජනපති පොදු සමාව හිමි වේ යැයි බලාපොරොත්තුවෙන් සිටි නමුත් එය සිදුනොවීම පිළිබද කණගාටුවට පත්වන බව එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන් පවසනවා.
එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඥානසාර හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා බන්ධනාගාර රෝහලට අද පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.rn