බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව නොවැම්බර් මස 23 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.
ඒ, මෙම නඩුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි හමුවේ අද (13) කැදවූ අවස්ථාවේදීයි.
2008 වසරේදී තලංගම – තලාහේන ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයකට කඩා වැදී එහි දේපල වලට හානි කිරීමේ සිද්ධියකට අදාලව මීට පෙර මහාධිකරණය මෙම පිරිස නිදොස් කොට නිදහස් කර තිබුණා.
එම මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමිනුයි නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කරනු ලැබුවේ.