Gossips

ඥානසාර හිමියන්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයත් ප්‍රතික්ෂේප කරයි

වසර 6ක සිරදඬුවම අත්හිටුවන ලෙස ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් එය ප්‍රතික්ෂේප වූ බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.
ඊවා වනසුන්දර, නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අභියාචනා පෙත්සම සලකා බැලූණා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය පසුගියදා වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා.