Gossips

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ලිපියක්

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමෙන් අනතුරුව චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කෝට්ටේ ශ්‍රි කල්‍යානි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපතිවරයාට, බුද්ධ ශාසන අමාත්‍යවරයාට සහ අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යවරිය ඇතුළු බලධාරීන්ට ලිපියක් යොමුකර තිබෙනවා.
එමගින් එම සංඝ සභාව පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාවේ දැනට ස්ථාපිත නීතියට අනුව බෞද්ධ භික්ෂුවක් තත්ත්වයෙන් පහකොට චිවරය ඉවත් කිරීමේ බලය ඇත්තේ උන්වහන්සේ පැවිද්ද හා උප සම්පදාව ලද සංඝ සභාවට පමණක් බවයි.
ඒ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ද බලයක් නොමැති බව එම ලිපියෙන් පෙන්වා දෙනවා.
ඒ අනුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය උන්වහන්සේ අයත් සංඝ සභාවේ අවසරයකින් තොරව ඉවත් කිරීම පිළිබදව බලවත් අප්‍රසාදය පළ කරන බව අදාළ සංඝ සභාව දන්වා තිබෙනවා.
උන්වහන්සේගේ අකමැත්තෙන් චීවරය ඉවත් කොට සිරගත කොට තැබීමෙන් භික්ෂූත්වය රැක ගැනිම පිළිබද විනයානුකූල ගැටලු මතුවිය හැකි බැවින් ඥානසාර හිමියන් වෙතින් ඉවත් කරන ලද චීවරය නැවත ලබාදෙන ලෙස කෝට්ටේ සංඝ සභාව දන්වා සිටිනවා.