Gossips

ඥානසාර හිමියන්ගේ අභියාචනයේ තීන්දුව අද

සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනයේ තීන්දුව අද පස්වරුවේ හෝමාගම මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මේ වන විට එම නඩුවට සහභාගිවීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන විත් ඇති බවයි.
එමෙන්ම මෙම අවස්ථාවට එම හිමියන්ගේ මෑණියන් ද සහභාගි වී සිටින බවයි වාර්තා වන්නේ.
සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ ජුනි මස 14 වනදා ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඩුවමක් නියම කළා.
පසුව උන්වහන්සේ පසුගිය වසරේ ජුනි 19 වැනිදා ඊට අදාළව අභියාචනයක් ගොනුකළ අතර, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය ජනවාරි 30 වන දායි.
එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බැවින් තීන්දුව අද ලබාදෙන බව මහාධිකරණ විනිසුරුවරයා එදින ප්‍රකාශ කළා.