Gossips

ඥානසාර හිමියන්ගෙන් අභියාචනා පෙත්සමක්

තමන්ට එරෙහිව ලබාදුන් වසර 6 ක සිරදඩුවම අහෝසි කරන ලෙස ඉල්ලමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබෙනවා.
එය මේ මස 28 වනදා සලකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය තීරණය කර ඇත්තේ.
තමන්ට එරෙහිව අභියාචනාධිකරණය ලබාදී ඇති තීන්දුව අහෝසි කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.
උන්වහන්සේ ඇපෑලක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම පසුගිය 31 වනදා ප්‍රතික්ෂේප කෙරුණා.