කන්දකැටිය, බෝපිටිය – මයිලගස්තැන්න ප්‍රදේශයේ අවුරුදු 9යක දැරියක් දූෂණය කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දැරියගේ වයස අවුරුදු 33ක් වයසැති මාමා කෙනෙක් බවයි වාර්තා වන්නේ.
මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා දැරියව රවටා ගෙන ගොස් දූෂණය කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු මේ මස 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
අතවරයට ලක්වූ දැරිය මේ වන විට රෝහල් ගත කර ඇති අතර ඇය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි බදුල්ල මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත්තේ.