දැනට සිර දඩුවම් නියමවී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට දානවේල පිටතින් ලබාදීමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය ඇතුලූ සංවිධාන කිහිපයක නියෝජිතයින් අද බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් භාරදුන්නා.
ඥාණසාර හිමියන්ට වෛද්‍ය උපදෙස් මත නිසි ආහාර වට්ටෝරුවක් නියම කර ඇති බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ.
එසේම බන්ධනාගාරය තුළදී ඥාණසාර හිමියන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා සිටි බව ද උන්වහන්සේ කියා සිටියා.
