Gossips

ඥාණසාර හිමියන්ගෙන් ආණ්ඩුවට චෝදනා

තමන් සිරගත කිරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ කිරුළපන පිහිටි බොදුබල සේනා සංවිධාන මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ‘‘ඥනසාර හිමියන්ට මේ දඩුවම ලැබෙන අවස්ථාවේ ඒ හාමුදුරුවෝ කරපු ප්‍රකාශය මම මගේ කටයුත්ත කළා. උසාවිය උසාවියේ කටයුත්ත කළා. අනිත් අය අනිත් අයගේ කටයුත්ත කළා. ඒ හමුදුරුවන්ව බන්ධානාගාරයට අරන් ගියා. ඊට පස්සේ මේක තමන්ගේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඉතාම නරක තැනකට පත් කරගෙන පැහැදිලිව ඒ තැනට පත් කරන්න අවශ්‍යතාව තියෙන්නේ රාජපක්ෂලාට. මොකද රාජපක්ෂලා දන්නවා මේකෙදි ඒ අයට 2020 දි ප්‍රශ්නයක් වෙනවා කියලා.මේ දේවල් මේ විදියට තිබුනොත්. ඒ අය අධිකරණ තීන්දුවකට එරෙහිව හැංගිලා ඉඳගෙන මේ මිනිස්සුන්ව උසිගැන්නුවේ සහ තමන්ගේ දේශපාලන ව්‍යාපාරය සදහා උපයෝගි කරගෙන යන්න තමන්ගේ පව් හෝදගන්න. මම ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ සහ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක් කරනවා මට සහ දරුවන් මරණවා කියලා මේ උලපනේ සුමංගල හාමුදුරුවන්ගේ සහ සේදවත්ත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් මේ කණ්ඩායම් විසින් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විවිධ මත වාද අරන් යනවා. මට සහ මගේ දරුවන්ට කිසියම් හෝ මොනවා හෝ අනතුරක් වෙන්න පුලූවන් තත්ත්වය තියෙනවා.ඉතින් මං ජනාධිපති තුමාගෙන් අගමැති තුමාගෙන් ඉල්ලා සිටිනවා මගේ සහ දරුවන්ගේ ජිවිත ආරක්ෂාව සලසා දෙන්න කියලා. ඒ වගේ ම ගෞරවනිය සංඝරත්නයෙන් මහනායක හිමිවරුන්ගේ ඉල්ලා සිටිනවා මේ සංඝරත්නය පටාචාරවකට එරෙහිව කරන මේ ක්‍රියාකලාපය නවත්වන්න මගේ ගෞරවය සහ ආරක්ෂාව සදහා.’’
කෙසේ වෙතත් තමන් සිරගත කිරීම පිටුපස අමාත්‍යවරුන් දෙදෙනෙකුද සිටින බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ.
‘‘මාව සිරගත කිරිමේ වගකීම අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව භාරගන්න ඕන අධිකරණයට ස්වාධිනව සහ අපක්ෂපාතිව යුක්තිය ඉෂ්ට කිරිමට ඉඩක් නොදි මේ රට සහ බෞද්ධත්වය කෙලෙසිමට කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානවලට අයිති බත් බෙලයින්ගේ අනුග්‍රහය මත කිහිප දෙනෙක් එකතුවෙලා නීතිපති දෙපාර්තමේන්තුවේ කිහිපදෙනෙක් සම්බන්ධ කරගෙන මං විශ්වාස කරනවා මේ තීන්දුව එලියට ආවයි කියලා. අවුරුදු 10 ක 15 ක කාලය ඉදලා මාව හිරේ යවන්න මට ජම්පර් අන්දන්න මේ රටේ බලවේග රාශීයක් ක්‍රියාත්මක වුනා.පහුගිය ආණ්ඩුවෙත් එක ක්‍රියාත්මක වුනා මේ ආණ්ඩුවෙත් එක ක්‍රියාත්මක වුනා.පක්ෂ විපක්ෂ භේදයක් නැතිව මේ දේශපාලන ධාරාවේ උඩින් ඉන්න මැති ඇමතිවරු සහ මන්ත්‍රීවරු ඒ අය අපට හතුරු කම් කරමින් මේ ජම්පර් අන්දවන්න දත කට මැදගෙන හිටියා. මට විශ්වාසවන්ත ලෙස තොරතුරු ලැබුනා එක සත්‍යයක් රටේ ප්‍රධාන පෙලේ ඇමතිවරු දෙදෙනෙකුත් ඊටත් උඩින් ඉන්න යම් පුද්ගලයෙකුත් එකතුවෙලා අනිවාර්යයෙන්ම 06 මාසයකට ඥනසාරට ජම්පරය අන්දවනවා කියලා සාකච්ජා කරලා. සතියකට කලින් මං මේක දන්නවා එත් විශ්වාස කලේ නැ.හෝමාගම අධීකරණයට ගිහිල්ලා නඩුව කැදවන කොටත් මේ සිද්ධිය මට ඇවිල්ලා කිව්වා හමුදුරුවනේ විශ්වාස කරන්න එපා මේ තීන්දුවමයි ඔබ වහන්සේට එන්නේ. එක කොහොමද වෙන්නේ. ලිච්ජවි පාලනයක් ගැන කථා කරන පලිගැනිම් සම්බන්ධයෙන් විදග්ධ දෙසුම් පවසන මේ නායකයෝ දෙතුන් දෙනෙක් එකතු වෙලා මේ අසාධාරණ තීන්දු ලබා දෙන්න කටයුතු කලා. එක මේ අධිකරණයේ ප්‍රශ්ණයක් නෙමෙයි. ඔවුන් දෙන ඕනැම තීන්දුවකට අපි යටත්. හැබැයි මං ඉතාම වගකිමෙන් යුක්තව කියනවා රටේ ප්‍රධානම දේශපාලන පක්ෂ නායකයෙක් ඔහුගේ සහචර ඇමතිවරු දෙදෙනෙකුත් , නිතිපති දෙපාර්තමේන්තුවේ කිහිප දෙනෙකුත් එකතු වෙලා අධිකරණයටත් මඩ පැල්ලමකුත් එකතු කරමින් ස්වාධීනව අපක්ෂපාතිව යුක්ති සහගතව තීන්දු ගන්න නොදි නීතිපති දෙපාර්තමේන්තුව හරහා බලපැම් කරමින් මේ ද්‍රොහිකම සිවුරට කලා කියන එක තමයි අපේ නිගමනය.
මට මේ ජම්පරය අන්දන්න ඒගොල්ලෝ මොකටද මේ තීන්දුව දෙන්නේ. පහුගිය කාලේ මේ විශ්වාසභාංගයක් ආවනේ. විශ්වාසභංගයෙන් අගමැතිවරයා පරාජය කරන්න අපි කුමන්ත්‍රණය කළාලූ. මොන කතන්දරද මේ. අපි එහෙම දෙයක් කතා කරලත් නෑ. එවැනි සාකච්ජාවලට සම්බන්ධ වෙළත් නෑ. ඒ නිසා කියලා තියෙනවා දෙන්න ඕන වැඩක්. දැන් අපේ අතේ තමයි බලය තියෙන්නේ බෙදන්න ඕන හැන්දෙන් හතර වටේටම කියලා. මේක පදනම් කරගෙන තමයි දිගින් දිගටම අපිව මේ අපහසුතාවයට පත් කරන්නේ. දැන් මේ තොයිලේ උනා කියලා පුදසත්කාර සහ වරදානත් ලැබිලා තියෙනවා මේ වෙනකොට. එක විශේෂයෙන් රටේ ආරක්ෂක මුලස්ථානයට සම්බන්ධ ප්‍රධාන තනතුරකට අවස්ථාව ලැබිලා 14 වෙනිදා කලින් ඒ පත්වීමත් ලැබිලා. අපි දන්නේ නෑ ඒවගේ ක්‍රමවේද මොනවද කියලා. හැබැයි මේ වගේ තියෙන අන්තර් සම්බන්ධතාව මැනවින් පේනව. ඒ ගැන හොයා බැලිම ඔය ඇත්තන්ට භාරයි. මොකද දැන් මේක නිකන් යන්න වෙලා තියෙන්නේ ඒ දණ්ඩත් තියෙනවා ගැඹුරු ජල කදක් මත යන්න ඕන එකම ඒ දණ්ඩයි තියෙන්නේ , තෙල් හැලියක් ඔලූවේ තියාගෙන ඒ දණ්ඩෙ යන මිනිහෙකුට වෙන වැඬේ තමයි අපිට වෙලා තියෙන්නේ උදාහරණෙකින් කිව්වොත්. මොකද සිංහල බෞද්ධයා තැලිම විනෝදාංශයක් වගේම ප්‍රතිපත්තියක් බවට පත් කරගෙන තියෙනවා මේ ආණ්ඩුවේ ඇතමුන්. ඔවුන්ට ජන බලය වැඩක් නැ.මේ ගැන මංහිතන්නේ කට පියාගෙන නොසිටිය යුතුයි.ඒ වෙනුවෙන් අපි අරගල කල යුතුයි.ඒ අරගලය කිරිමේදි අපට තව අවස්ථා ගණනාවක් සිරබත් කන්න පුලූවන්. හැබැයි අයුක්ති සහගත දේකට සැලසුම් සහගතව නිලධාරින්ට ඕන ඕන වරදාන බලාගෙන ඔවුන්ට ඕන විදියට මේ දඩබල්ලන් වගේ කොටු කරන්න හදනවනම් ඒ අවනිතියට එරෙහිව නම් අපි නැගිටිය යුතුමයි.’’