Gossips

ඥාණසාර හිමිට බන්ධනාගාර ආරක්ෂාව යටතේ ප්‍රතිකාර

සිරදඩුවම් හිමිවූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වනවිටත් බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
උන්වහන්සේගේ සුවදුක් විමසීම සදහා පැමිණීමේ අවස්ථාවන් බන්ධනාගාර නිලධාරින් විසින් සීමා කර ඇති බවයි එහි ගිය භික්ෂුන් වහන්සේ සදහන් කළේ.
එසේම, ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව හෙට දිනයේදී සීනිගම දේවාලයේදී පොල් ගසා දේව කන්නලව්වක නිරත වීමට ද බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් සූදානම් වී සිටිනවා.