බදුබර පහත හෙළා භාණ්ඩ මිල අඩු කරන්නැයි ආණ්ඩුවට බල කරමින් ලබන සතියේ සිට දිවයින පුරා විරෝධතා පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඊට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ ආණ්ඩුව ඉන්ධන මත විශාල බදු බරක් පටවා ඇති බවයි.
