Gossips

ජ.වි.පෙ.න්. විකල්ප අපේක්ෂකයෙක් ජනපතිවරණයට

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් විකල්ප අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තම පක්ෂය මේ වනවිට තීරණය කර ඇති බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් අද පෙරවරුවේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහායී ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් මල්වතු මහනාහිමියන් බැහැදුටුවේ.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද අස්ගිරි – මල්වතු සහ රාමඤ්ඤ පාර්ශවයේ අනුනාහිමිවරුන් අද බැහැදුටුවා.
ඒ, ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳව උන්වහන්සේලා දැනුම්වත් කිරීමටයි.