මාකදුරේ මධූෂ් නමැති පාතාල සාමාජිකයා ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ නම්, මෙරට තුළදී නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලනඥයින් ඉඩ ලබා නොදීමට ඉඩ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මාවනැල්ල ප්‍රදේශයේ ඊයේ පැවති රැස්වීමකට එක්වෙමින් චෝදනා කළේ එම අපරාධකරු සමග මෙරට දේශපාලනඥයින් කිහිපදෙනෙකු සම්බන්ධතා පවත්වන බවටයි.
