Gossips

ජ.වි.පෙ. ගෙනා විස්සට පාඨලීගේ සහ ගම්මන්පිලගේ විරෝධය

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට ජාතික හෙළ උරුමය සහ පිවිතුරු හෙළ උරුමය විරෝධය පළ කරනවා.
20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු රැසක් පවතින බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ.
ඒ සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙසටද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල අභියෝගයක්ද එල්ල කරනු ලැබුවා.
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය දැනුම්දීම සඳහා ජාතික හෙළ උරුමය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ඊට එක්වෙමින් අදහස් දැක්වූ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ පූර්ණ ව්‍යවස්ථා වෙනසකින් තොරව සංශෝධනයක් ලෙස ගෙන ඒම මගින් භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි බවයි.