ආණ්ඩුව සිය දේශපාලන අරමුණු ඉටුකරගැනීම සඳහා ජාතික විගණන පනත වෙනස් කර ඉදිරිපත් කර ඇති ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ විගණන කටයුතු සඳහා අසත්‍ය තොරතුරු සපයන පුද්ගලයින්ට අදාළව පනවනු ලබන දඩ මුදල පවා අඩු කර ඇති බවයි.