Gossips

ජෝර්ජියාවේ අගමැති ඉල්ලා අස්වෙයි

ජෝර්ජියාවේ අග්‍රාමාත්‍ය ජෝර්ජි ක්විර්කාස්විලි ඉල්ලා අස්වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එරට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ලවූ විරෝධතා මෙම ඉල්ලා අස්වීමට හේතුව බවයි.
නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරගැනීමට අවස්ථාව උදාවන බව සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් ඔහු සඳහන් කළා.
එරට ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් සමස්ත අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්විය යුතුයි.
50 හැවිරිදි ජෝර්ජි ක්විර්කාස්විලි 2015 වසරේ සිට එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කරනවා.