Gossips

ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ අවමංගල්‍යයට රාජ්‍ය නායකයින් රැසක්

හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ අවමංගල්‍යය රාජ්‍ය නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් වොෂින්ටන් නුවරදී ඊයේ සිදුකෙරුණා.
අවසන් කටයුතු සිදුවූ ඊයේ දිනයේ එරට ජාතික ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර තිබුණා.
ඒ සඳහා ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන්, ජිමී කාටර් සහ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද එක්ව සිටියා.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්, ජෝර්දානයේ දෙවන අබ්දුල් රජු මෙන්ම තවත් විදෙස් නායකයින් රැසක් ද එක්ව සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
1989 සිට 1993 දක්වා ඇමරිකානු ජනාධිපති ධුරය දැරූ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ පාලන සමය වැදගත් වන්නේ ගල්ෆ් යුද්ධයේ ඇමරිකානු මැදිහත්වීම හේතුවෙන්.