Gossips

ජෝනිගේ ශතකයත් එක්ක එංගලන්ත මුල් ඉනිම 336කින් නවතී

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 336කව තිබියදී මීට සුළු මොහොතකට පෙර නිමා වුණා.
තරඟයේ පළමු දිනය වූ ඊයේ (23) දිනට තරඟය නතරකරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 312ක් ලබා සිටියා.
දෙවන දිනය වන අද දිනයේ දී එංගලන්ත පිතිකරුවන්ට සිය පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ තවත් ලකුණු 24ක් පමණයි.
එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ජොනී බෙයාස්ටෝ ලකුණු 110ක් රැස් කළ අතර බෙන් ස්ටොක් ලකුණු 57ක් රැස් කළා.
පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් ලකුණු 95කට කඩුලු 05ක් බිද හෙලූ අතර ඩිල්රුවන් පෙරේරා කඩුලු 03ක් බිඳ දැමුවා.
ශ්‍රී ලංකා පළමු ඉනිම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.