Gossips

ජෝන් සහ ලන්සා ඉඩමකට ඇවිලෙයි

වත්තල පිහිටි රජයේ ඉඩමක් අඩු වටිනාකමකට දේශපාලන මැදිහත්වීමක් මත විකිණීමට කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 13 වන දිනයට අද එක්වෙමින්.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන මෙන්ම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ වල වැය ශිර්ෂයන් අද විවාදයට ගැණුනා.
නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේ චෝදනාවට අමාත්‍ය ජෝන් අමරතුංග පිළිතුරු ලබාදීමේදී සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.