Gossips

ජොන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණන්නේ නැහැ – ජනපති අවධාරණය කරයි

ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමේ කිසිදු සූදානමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති අතර, ඒ අනුව මෙම රඟහල කලාකරුවන්ගේ සහ ප්‍රේක්ෂක ජනතාවගේ අවශ්‍යතාවන්ට අනුව කඩිනමින් නවීකරණය කරන ලෙස ජනාධිපතිවරයා, නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.
මේ අතර, ජගත් සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කළ ඌනා මැකෝලිගේ අභාවය වෙනුවෙන් ජනාධිපතිවරයා විශේෂ ශෝක සටහනක් තබා තිබෙනවා.
අද (25) දහවල් එම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය වෙත ගිය ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග්‍රන්ථයේ මෙම ශෝක සටහන තැබූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේ.