Gossips

ජොන්ස්ටන් ප්‍රනාන්දු යළි රිමාන්ඩ්

සතොසට අයත් රුපියල් මිලියන 05කට අධික මුදලක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ මොවුන් අද පෙරවරුවේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර හමුවට ඉදිරිපත් කිරීමන් පසුවයි.
මෙම නඩුවට අදාළ ඇතැම් ලේඛනවල ගැටළු පවතින බැවින් ඒවා වැඩිදුර පරීක්ෂා කර හරස් ප්‍රශ්න විමසීම සිදුකළ යුතු බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මෙම නඩුව ලේඛන මත විභාගවන බැවින් යළි සාක්ෂි විමසීම ලබන 17 වනදා කල් තබන බවයි විනිසුරුවරිය දැනුම් දුන්නේ.