අසත්‍ය චෝදනා නගමින් තමාට එරෙහිව සිදුකළ අධිකරණ ක්‍රියාවලියට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ – විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අදහස් දැක්වූ අතර එහිදී මාධ්‍ය හමුවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ද ඊට මැදිහත් වුණා.
