Gossips

ජේ.එන්.පී. උතුරට යයි

උතුර පළාතේ පුරාවිද්‍යා ස්ථාන මේ වනවිට ඇතැම් අන්තවාදී පිරිස් විනාශ කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
යුද සමයේදී පවා පැවති මෙම පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන්නන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කළ යුතු බවයි එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර කියා සිටියේ.
මේ වනවිට දැඩි අවදානම් තත්ත්වයේ පවතින වවුනියාව – නැදුන්කර්නි – වඩිනාගල පුරාවිද්‍යා ස්ථානය සහ මුලතිව්, ඔඞ්ඩුසුඩාන්, කුරුදුර්මලෙයි ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා ස්ථාන ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ඊයේ නිරීක්ෂණයට ලක් කළා.