Gossips

ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට බිලියනපතියකු වන ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
සුප්‍රකට ව්‍යාපාරිකයා මානසික ගැටලු කිහිපයට මුහුණදී ඇති බවයි ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.
50 හැවිරිදි ජේම්ස් පැකර් 2015 වසරේ අගෝස්තු මාසයේදී සුප්‍රකට ක්‍රවුන් කැසිනෝ සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්වු අතර පසුව යළිත් අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වුනා.
ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ධනවත් සමාගමක් ලෙසටයි ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම හැඳින්වෙන්නේ.
මේ අතර මෙම ඉල්ලා අස්වීම පිළිබඳ අදාළ සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම තීරණයට ගෞරව කරන අතර මෙතෙක් දැක්වු දායකත්වයට ස්තුතිය පළකරන බවයි විධායක සභාපතිවරයා ප්‍රකාශකර ඇත්තේ.
ජේම්ස් පැකර් පසුගියදා සිය සමාගමේ ඩොලර් මිලියන 76 කට වැඩි වටිනාකමින් යුත් කොටස් විකුණා දැමීමට පියවර ගත්තා.
කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ සහ ලන්ඩනයේ ක්‍රියාත්මක කැසිනෝ ව්‍යාපාරවලින් සියයට 47 ක පමණ ආදායම් තවමත් ඔහු සතු වනවා.