වසර 25කින් ජපානයට හමා ආ ප්‍රබලතම සුළිසුළඟ වන ජේබි හේතුවෙන් එරට ඔසාකා, කියෝතෝ සහ කෝබේ නගරවලට තවදුරටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
ජපානයේ ෂිකෝකු දිවයිනෙන් මෙම සුළි සුළඟ කඩා වැදුණු අතර, ඒ හේතුවෙන් ගුවන් වාර 600 ක් පමණ අවලංගු කිරීමටද සිදුවුණා.
එමෙන්ම පැයට කිලෝමීටර් 216 ඉක්ම වූ වේගයකින් හමන සුළි සුළඟ හේතුවෙන් බලපෑම් එල්ලවූ ප්‍රදේශවල පාසල් සහ කර්මාන්තශාලා සියල්ල වසා දමා තිබෙනවා.
