Gossips

ජේබිගෙන් හානි වූ ජපානයට ට්‍රාමි සුළි කුණාටුව අත ළඟ

ට්‍රාමි ප්‍රබල චණ්ඩ මාරුතය ජපානයේ ගොඩබිම් ප්‍රදේශ වෙත ළඟා වෙමින් පවතින බව ජපාන කාලගුණ විද්‍යාඥ අංශ පවසනවා.
මේ සති අන්තයේදී පැයට කිලෝමීටර් 162ක පමණ වේගයකින් එම චණ්ඩ මාරුතය ජපානයට ඇතුළු වනු ඇති බවටයි එම අංශ පෙන්වා දෙන්නේ.
මේ වන විට ජපානයේ දකුණුදිග දිවයින් දෙසට ළඟාවෙමින් පවතින ට්‍රාමි චණ්ඩ මාරුතය ලබන ඉරිදා එරට බටහිරදිග ප්‍රදේශ වෙත කඩා වැදෙනු ඇති බව සඳහන්.
එහි බලපෑමෙන් ජපානයට දැනටමත් දැඩි වර්ෂාපතනයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මේ මස මුල දී ජපානයට කඩා වැදුණු ජේබි චණ්ඩ මාරුතයෙන් පුද්ගලයින් 11 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා.