Gossips

ජෙෆ්රි ෆෙල්ට්මන් ජනපති හමුවෙයි

එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.
ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතින්ගේ සංවිධානය අතර සම්බන්ධතා තහවුරු කිරීම වෙනුවෙන් සිදුකරන වාර්ෂික සංචාරයක් ලෙසිනුයි ඔහු මෙරටට පැමිණ ඇත්තේ.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සාමය සහ සංහිඳීයාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන මෙහිදී සාකච්ඡා කළ බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක නිකුත් කරමින් සදහන් කළේ.
මෙහිදී අදහස් දක්වමින් ජෙෆ්රි ෆෙල්ට්මන් පවසා ඇත්තේ රජයේ සංහිඳියා ක්‍රියාදාමය වෙත ද සංවර්ධන උත්සාහයට ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය අනාගතයේදීත් හිමිවන බවයි.