Gossips

ජෙෆ්රි වැන්ඩර්සේ සහ ෂෙහාන් මදුශංක විස්සයි විස්සෙන් ඉවතට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයට එන ශ්‍රී ලංකා සංචිතයෙන් ජෙෆ්රි වැන්ඩර්සේ සහ ෂෙහාන් මදුශංක ඉවත්කර තිබෙනවා.
ඒ සඳහා ඉසුරු උදාන සහ කසුන් රාජිත සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන 20 යි 20 තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මීට පෙර නම්කෙරුනා.
ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ලසිත් මාලිංග නම්කර නොතිබීම විශේෂත්වයක්.
සංචිතයට වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු එක්කර ඇත්තේ වසර 3කට පසුව වීම විශේෂත්වයක්.
එමෙන්ම 2017 වසරේ ජනවාරි මාසයෙන් පසු විස්සයි විස්ස තරඟයකට ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා ද කණ්ඩායමට කැදවා තිබෙනවා.
තරග තහනමකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් ද ලබන 14 වනදා පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරනු ඇති.
දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, ශෙහාන් ජයසූරිය, ලහිරු කුමාර,ඉසුරු උදාන, අකිල ධනංජය, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන් සහ බිනුර ප්‍රනාන්දු සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.