Gossips

ජෙබී සුළි කුණාටුවෙන් මියගිය සහ තුවාල වූ සංඛ්‍යාව ඉහළට

ජපානයට බලපා ඇති ප්‍රබල ජෙබී සුළි කුණාටුව හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ජපාන එන්.එච්.කේ. ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ මේ වනවිට පුද්ගල මරණ 11 ක් සහ තුවාල සිදුවීම් 300 කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇති බවයි.
එසේම දහස් ගණනක් ගුවන් තොටුපල සිරවී සිටින්නේ ගුවන් ගමන් වාර 800 කට වැඩි සංඛ්‍යාවක් අත්හිටුවීම හේතුවෙන්.
පැයට කිලෝමීටර් 216ක වේගයකින් ඊයේ ජපානයේ ෂිකෝකු දිවයිනට ඇතුළු වූ සුළි සුළඟින් ඔසාකා, කියෝතෝ සහ කෝබේ නගරවලට තවදුරටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
එමෙන්ම සුළි සුළඟ හේතුවෙන් බලපෑම් එල්ලවූ ප්‍රදේශවල පාසල් සහ කර්මාන්තශාලා සියල්ල වසා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තා.